අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය අධ්‍යාපන කලාපයේ මහර කොට්ඨාසයේ එඩේරමුල්ල ප්‍රදේශයේ පිහිටි බප/කැල/සාන්ත සෙබස්තියන් මහා විදුහල වත්තල නගරයට ආසන්නයේ පිහිටා ඇත.එය 1C වර්ගයේ පාසලකි. මෙම ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය පාසල් අතරින් තවත් එක් පාසලක් බවට අප පාසල පත් වී ඇත. මෙහි 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණි දක්වා ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි. මෙහි ජාතීන් වශයෙන් සිංහල,දෙමළ,මුස්ලිම් ලෙසත් ආගම් වශයෙන් බෞද්ධ ,කතෝලික හා ඉස්ලාමි හැටියටත් සිසුන් ඉගෙනුම ලබයි. මෙහි සිටින මුස්ලිම් සිසුන් සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන අතර ඉස්ලාම් ධර්මය සිංහල භාෂාවෙන් උගන්වනු ලබන , මෙම ප්‍රදේශයේ පිහිටි එකම පාසලයි. 1 ශ්‍රේණයේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති 35 කින් සමන්විත වන අතර , සාමාන්‍ය පෙළ විද්‍යාගාරයක් , ,ගෘහවිද්‍යාගාරයක්ද , සෙෘන්දර්ය ඒකකයක් වෙන් වශයෙන් පිහිටා ඇති පාසලකි සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලය.








