සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලය

නිර්මාතෘවරු

Children's Day Celebration

1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
whatsapp-image-2023-11-29-at-15.17.28.jpeg
Untitleddesign3.png
stsebastianenderamulla.png

 

ලංකාවේ ඉංග්‍රීසි   පාලන සමයේ (1834) කතෝලික මිෂනාරි  පෞද්ගලික පාසලක්වශයෙන් ආරම්භ වු මෙම පාසල 1870 ජනවාරි මස 21 වන දින ආරම්භ කරන ලදි. 1885 දක්වාමකොළඔ අගරදගුරු  පදවියෙන් ගුරු භවතුන්ට වැටුප් ගෙවන ලදි.

                                               1885 එලාරිස් මුල් ගුරුතුමාගේ කාලයේ රෝමානු කතෝලික මිශ්‍ර පාසල නමින් ලියාපදිංචිකර ඇත. 1916 දී ලියනගේ මාෂල් පෙරේරා මහතා , ඉන් පසු ලුක් ඩයස් මහතා 1939 දක්වාද, 1940ජනවාරි 1 දින සිට සිස්ටර් මේරි කයිතන් තුමියද, මේරි හිල්ඩා කන්‍යා සොයුරිය සහ තවත් කන්‍යාසොහොයුරියන්  විදුහල්පති ධුරය ඉසිලුහ. අනතුරුව විදුහල්පති ධුරය හෙබවු මරියා කන්‍යා සොහොයුරියගේ කාලයේ පළමු දෙමහල් ගොඩනැගිල්ල ද , 1977 න් පසු කාලයේ විදුහල්පති මයිකල් තිසේරා මහතාගේ  කාලයේ දෙවන දෙමහල් ගොඩනැගිල්ල ද , ඉදිකිරීමෙන්  මෙම පාසලට ආලෝකයක් ඇති කරන ලදි.

                       1986 පෙබරවාරි 2 දින සිට 1995 දක්වා මේරි කැනීෂියර් කන්‍යා සොහොයුරිය ද , 1996 සිට 2013 ජුලි මාසය දක්වා ආර්.ඒ.අයි.නිව්ටන් මහතා  ද මෙම විද්‍යාලයෙහි විදුහල්පති තනතුරේ කටයුතු කළ අතර  මෙම කාලයේදී  විද්‍යාලයේ තෙවන දෙමහල් ගොඩනැගිල්ල ඉදි කරන ලදි. විද්‍යාලයේ බෙහෝ භෞතික සම්පත් මේ කාල වකවානුවේදී සංවර්ධනය වු බව මෙහිදී සදහන් කළ යුතුය.