සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

Children's Day Celebration

1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
whatsapp-image-2023-11-29-at-15.17.28.jpeg
Untitleddesign3.png
stsebastianenderamulla.png

ලංකාවේ ඉංග්‍රීසි   පාලන සමයේ (1834) කතෝලික මිෂනාරි  පෞද්ගලික පාසලක් වශයෙන් ආරම්භ වු මෙම පාසල 1870 ජනවාරි මස 21 වන දින ආරම්භ කරන ලදි. 1885 දක්වාම කොළඔ අගරදගුරු  පදවියෙන් ගුරු භවතුන්ට වැටුප් ගෙවන ලදි.

1885 එලාරිස් මුල් ගුරුතුමාගේ කාලයේ රෝමානු කතෝලික මිශ්‍ර පාසල නමින් ලියාපදිංචි කර ඇත. 1916 දී ලියනගේ මාෂල් පෙරේරා මහතා , ඉන් පසු ලුක් ඩයස් මහතා 1939 දක්වාද, 1940 ජනවාරි 1 දින සිට සිස්ටර් මේරි කයිතන් තුමියද, මේරි හිල්ඩා කන්‍යා සොයුරිය සහ තවත් කන්‍යා සොහොයුරියන්  විදුහල්පති ධුරය ඉසිලුහ. අනතුරුව විදුහල්පති ධුරය හෙබවු මරියා කන්‍යා සොහොයුරියගේ කාලයේ පළමු දෙමහල් ගොඩනැගිල්ල ද , 1977 න් පසු කාලයේ විදුහල්පති මයිකල් තිසේරා මහතාගේ  කාලයේ දෙවන දෙමහල් ගොඩනැගිල්ල ද , ඉදිකිරීමෙන්  මෙම පාසලට ආලෝකයක් ඇති කරන ලදි.

1986 පෙබරවාරි 2 දින සිට 1995 දක්වා මේරි කැනීෂියර් කන්‍යා සොහොයුරිය ද , 1996 සිට 2013 ජුලි මාසය දක්වා ආර්.ඒ.අයි.නිව්ටන් මහතා  ද මෙම විද්‍යාලයෙහි විදුහල්පති තනතුරේ කටයුතු කළ අතර  මෙම කාලයේදී  විද්‍යාලයේ තෙවන දෙමහල් ගොඩනැගිල්ල ඉදි කරන ලදි. විද්‍යාලයේ බෙහෝ භෞතික සම්පත් මේ කාල වකවානුවේදී සංවර්ධනය වු බව මෙහිදී සදහන් කළ යුතුය.

ඉන් පසු විද්‍යාලයේ විදුහල්පති ලෙස ඒ.ඩී.එන්.ප්‍රියරන්ජන් මහතා 2013 ජුලි මස වැඩ භාර ගෙන කටයුතු කර ගෙන යන අතර එතුමා විසින් පාසලෙහි අධ්‍යාපනික සංවර්ධනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් අ.පො.ස.(සා.පෙළ) වසර 150 ක ඉතිහාසය තුල වැඩිම ප්‍රතිශතයක් වාර්තා කර ඇත.එසේම 5 වසර ශිෂ්‍යත්ව විභාගය කඩඉම සමත් සංඛ්‍යාව පාසල් ඉතිහාසය තුල සටහන් කර ඇත.පාසලට අඩු පාඩුවක්ව පැවති සාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ ප්‍රතිමා මණ්ඩපයක් නිර්මාණය කර ඇත. 2014 වර්ෂයේ දී අ.පො.ස.(උ.පෙළ) කලා විෂයය ධාරාව ආරම්භ කරන ලදි. භෞතික සංවර්ධනය කෙරෙහිද අවධානය යොමු කර ඇත.ඉදිරි අනාගතයේදී අප පාසල කොට්ඨාසය තුල  බැබ‍ළෙන පාසලක් බවට පත්වේවායි ප්‍රාර්ථනා කරමු.

ආරම්භ කළ වර්ෂය

1870 ‌/01/20

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

10

මුල් ගුරුතුමාගේ නම

ඒලාරිස් මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

බප/කැල/සාන්ත සෙබස්තියන් මහා විස්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

 

ඒලාරිස් මහතා

පාසල රජයට පවරාගත් දිනය

1885

පාසල පැවැත්වූ ස්ථානය

සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ